සීදූව පොලිස් වසමේ මූකලන්ගමුව ප්රදේශයේ නිවසකින් දුර්ගන්ධයක් හමන බවට සීදූව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති අතර, ඒ අනුව නිවස පරීක්ෂා කිරීමේ දී නිදන කාමරයක තබා තිබූ ගමන් බෑගයක් තුළ කාන්තා මළ සිරුරක් ඇති බවට නිරීක්ෂණය වී ඇත.
එලෙස මියගොස් ඇත්තේ, සීදූව, මූකලන්ගමුව ප්රදේශයේ පදිංචිකාරියක් වූ 79 හැවිරිදි කාන්තාවකි.
මරණකාරිය එම නිවසේ තනිව පදිංචිව සිට ඇති අතර නිවසේ සවිකර තිබූ ක්ක්ඔඪ කැමරා ගලවා ඉවත් කර ඇති බවත්, දුරකථන රැහැන් කපා ඇති බවත්, දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
අද (21) දින මහේස්ත්රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිත අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සීදූව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.


