ශ්‍රී ලංකාවේ පොලිස් කණ්ඩායමක් මැලේසියාවේදී එරට පොලිසිය සමග එක්ව පසුගියදා සිදුකළ විශේෂ මෙහෙයුමකදී ධනුෂ්ක කෞෂල්‍ය හෙවත් රත්මලානේ සයිමා නැමැත්තා ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ සංවිධානාත්මක අපරාධකරුවකු වන රත්මලානේ සයිමා නැමැත්තා කංජිපානි ඉම්රාන්ගේ මූල්‍ය කටයුතු භාරව කටයුතු කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබේ.
තවද මොහු කංජිපානි ඉම්රාන්ගේ සමාජමාධ්‍ය කටයුතු භාරව ද ක්‍රියාකාර ඇති අතර ඒ අනුව ඔහුගේ හඬපට සමාජගත කිරීමද ඔහු විසින් සිදුකර ඇති බව අනාවරණ වී ඇත.
එමෙන්ම පසුගිය වසරේදී කෙහෙල්බද්දර පද්මේට මැලේසියාවේ සැඟවසිටීමට කංජිපානි ඉම්රාන්ගේ උපදෙස් මත ඔහු විසින් පහසුකම් සලසා ඇතැයිද විමර්ශනවලදී අනාවරණ වී තිබේ.
මේ වනවිට ප්‍රංශයේ සැඟවී සිටින කුඩු අංජු නැමැත්තාගේ සමීපතමයෙකු ලෙස කලක් කර ඇති ඔහු පසුව කංජිපානි ඉම්රාන් සමග එක්ව ඇති බවයි පොලිසිය සඳහන් කරන ලදි.
කුඩු අංජු විසින් සයිමා නැමැත්තා ඝාතනය කිරීමේ සූදානමක් පැවත ඇති අතර ඒ පිළිබඳව කංජිපානි ඉම්රාන් විසින් සයිමාට දැනුම්දීමෙන් පසුව ඔහු කංජිපානි සමග හිතවත්ව කටයුතු කර තිබේ.
ඔහු වසර 10කට පමණ ඉහතදී මැලේසියාවට පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කරන ලදි.


