ඊයේ (23) පස්වරු 6.35ට පමණ දෙමටගොඩ, කුප්පියාවත්ත ප්රදේශයේදී සිදුකළ වෙඩි තැබීම වනාතේ චතූ නම් අපරාධකරුගේ පාර්ශ්වය විසින් මෙහෙයවනු ලැබූ එකක් බවට පොලීසිය සැක පළකර තිබේ.
වෙඩික්කරුගේ ඉලක්ය වී තිබුණේ දිනෝද් වරුණ බණ්ඩාර නම් බොරැල්ල, වනාතමුල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම පුද්ගලයා පසුගිය වසරේ ජූලි මාසයේදී බොරැල්ලේ සිදු වූ වෙඩිතැබීමක වෙඩික්කරුට ගිනිඅවිය ලබාදුන් පුද්ගලයා බව පොලීසිය සඳහන් කරයි.
එම සිද්ධියට ඔහු රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇපමත නිදහස්ව සිටින අතර ඔහු මේවන විට පොලිස් අත්අඩංගුවේ පසුවන වනාතේ දුමින්ද නම් අපරාධකරුගේ සමීපතමයෙක් බව වාර්තා වේ.
වෙඩි තැබීමෙන් ඔහුගේ පපු ප්රදේශයට තුවාල සිදුව ඇති අතර මේ වන විට ඔහු කොළඹ ජාතික රෝහලේ ප්රතිකර ලබමින් සිටියි.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් වෙඩිතැබීම සිදුකරන අයුරු සීසීටීවී කැමරාවක සටහන්ව ඇති අතර එහිදී ඔවුන්ගේ ඉලක්කය වූ පුද්ගලයා වෙඩිවැදීම් තුවාල සහිතව දිවයද්දිත් ඔහුට පන්න පන්නා වෙඩි තබන අයුරුද එහි සටහන්ව තිබේ.
අනතුරුව වෙඩික්කරුවන් එම ස්ථානයෙන් පලායන අයුරුද එහි දැක්වේ.


