ලග්ගල, තෝරපිටිය ප්රදේශයේ දී තියුණු ආයුධකින් සිදු කළ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ මා ඔය, ගම්මාන 01 ප්රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි පුද්ගලයෙකි.
අදාළ පුද්ගලයා බරපතළ තුවාල ලබා වැටී සිට ඇති අතර ඔහුව රෝහල් ගත කිරීමට පොලිස් නිලධාරීන් කටයුතු කර ඇතත් ඒ වනවිටත් ඔහු මියගොස් සිට ඇත.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මරණකරු සහ ඔහුගේ බෑනා අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් බෑනා විසින් මෙම පහරදීම සිදු කර ඇති බවය.
සැකකාර බෑනා ප්රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා ලග්ගල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.


