තලාතුඔය, බව්ලාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු පසුගිය 4 වැනි දා සිට අතුරුදන්ව ඇති බවට පෙරේදා (07) දිනයේ දී තලාතුඔය පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.
ඒ අනුව පොලීසිය සිදුකළ විමර්ශනයේ දී අතුරුදන් වූ පුද්ගලයාගේ පිළිස්සී ගිය මෘත ශරීරය බව්ලාන කැලෑබඳ ප්‍රදේශයක තිබී හමුවී ඇති අතර මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට අනාවරණය වී ඇත.
එලෙස මියගොස් ඇත්තේ, 29 හැවිරිදි තලාතුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම අපරාධය සම්බන්ධයෙන් අවුරුදු 18 හා 41 වයස්වල පසුවන එම ප්‍රදේශයේම පදිංචි සැකකරුවන් දෙදෙනෙකු විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පුද්ගලික අමනාපයක් මත පොල්ලකින් පහරදී මොහුව ඝාතනය කර පුළුස්සා දමා ඇති බවට අනාවරණය වී තිබේ.
තලාතුඔය පොලිස්ථානය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.


