ඊයේ (08) රාත්රියේ අතුරුගිරිය, ගොඩගම පාර ප්රදේශයේ අවන්හලක සේවය කරමින් සිටි 17 හැවිරිදි තරුණයෙකුට නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලාගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාළ වෙඩිතැබීම සිදුකර ඇති බවය.
වෙඩි ප්රහාරයෙන් තුවාල ලැබූ තරුණයා ප්රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුළත් කර තිබේ.
තුවාලකරු මැදහින්න, මුංවත්ත ප්රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කරන ලදි.
වෙඩිතැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අතුරුගිරිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.


