වැලිගම සභාපතිවරයාගේ ඝාතනය බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මිදිගම රුවන්ගේ මෙහෙයවීමෙන් සිදුවූ බවට සැකයක් විමර්ශන කණ්ඩායම් වලට ඇතිවී තිබේ.
ඊයේ (22) උදෑසන වැලිගම ප්‍රාදේශීය සභාව තුළදී එහි සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඔහුගේ නිල කාර්යාලය තුළ නාඳුනන තුවක්කරුවකු විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබීය.
සුදු පැහැති කමිසයකින් සැරසී, කළු පැහැති මුව ආවරණයක් පැලඳගෙන වෙඩික්කරු සභාපතිවරයාගේ කාර්යාලය තුළට පැමිණ ඇත.
එහිදි වෙඩික්කරු නිල ආසනයේ සිටි සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඉලක්ක කරගනිමින් වෙඩි ප්‍රහාර 4ක් පමණ එල්ල කර තවත් අයෙකු සමඟ යතුරු පැදියකින් පලා යන අයුරු CCTV දර්ශනවල පටිගතව ඇත.
වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ සභාපතිවරයා මාතර දිස්ත්‍රික් මහ රෝහල් වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්විය.
පසුගිය සැප්තැම්බර් 24 වෙනිදා වැලිගම ඉබ්බාවල කළ වැටලීමකදී ටී 56 ගිනිඅවි 04ක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගැනීම මෙන්ම මිදිගම රැවන්ට හිතවත් පිරිසකට කළ පහරදීමක් මෙම ඝාතනයට මුල්වී ඇතැයි පැවසේග එම ගිනිඅවි 04 මිදිගම රුවන්ට අයත් බව හෙළිව තිබී ඇත.
එම අවි සොයාගත්තේ මිදිගමරුවන්ගේ ඥාතියෙකුගේ නිවසින් වන අතර එම ගිනිඅවි සමඟ නිවෙස් හිමියාත් ඔහුගේ බිරිඳත් අත්අඩංගුවට ගෙන ඇති අතර ගිනිඅවි පිළිබඳව ඔත්තුව දී ඇත්තේ සභාපතිවරයා විසින් බවට රුවන් සැකකර තිබෙන අතර ඒ සම්බන්ධව සභාපතිවරයාට රුවන්ගෙන් තර්ජනයක් එල්ලවී තිබී ඇත. මීට පෙර ද මිදිගම රුවන්ගෙන් තමාට තර්ජන ඇති බව සඳහන් කරමින් සභාපතිවරයා පොලිස්පතිවරයාට පවා ලිපියක් යොමුකර ඇත.
මිදිගම රුවන් නැමැත්තා හරක්කටාගේ ප්‍රධාන ගෝලයෙක් වූවා සේම සභාපතිවරයාද හරක්කටාගේ සමීපතයෙකු වී සිට ඇතග ශරක්කටා මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමෙන් පසු සභාපතිවරයා එම කල්ලියෙන් ඈත්වී තිබේ. එකල රුවන් ඩුබායි රාජ්‍යයේ සිට ඇති අතර හරක්කටාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්නුවෙන් පැන්නීමට පවා ඩුබායි සිට කටයුතු කර ඇත.

