අද (22) උදෑසන වැලිගම ප්රාදේශීය සභාවේ සිදු වූ වෙඩි ප්රහාරයකින් බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ වැලිගම ප්රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්රමසේකර හෙවත් ‘මිදිගම ලසා’ ජීවිතක්ෂයට පත්ව ඇත.
ප්රාදේශීය සභාවේ සභාපතිවරයා සිය අසුන මත සිටියදී, යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකුගේ වෙඩිතැබීම හමුවේ සභාපතිවරයාට බරපතළ තුවාල සිදු වූ අතර පසුව ප්රාදේශීය සභා නිලධාරීන් එක්ව සභාපතිවරයාව මාතර මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
සභාපතිවරයා හමුවට ලිපියක් අත්සන් කර ගැනීමට පැමිණි දෙදෙනෙකු ලෙස මෙම වෙඩික්කරුවන් ප්රාදේශීය සභාව තුළට පැමිණ ඇතැයි අනාවරණය වී ඇත.

