පසුගිය (29)දින ගණේමුල්ල ප්‍රදේශයේ පිහිටි සුපිරි නිවසක සඟවා තිබියදී කෝටි 20කට අධික වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4ක් සමග කාන්තාවක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන තිබේ.
ගණේමුල්ල ප්‍රදේශයේ පිහිටි සුපිරි නිවසක මත්ද්‍රව්‍ය තොගයක් සඟවා ඇති බවට ලද තොරතුරකට අනුව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් මෙම මෙහෙයුම දියත් කළ අතර එහිදී සූක්ෂම ලෙස සඟවා තිබූ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4කට අධික ප්‍රමාණයක් හා මත්පෙති 3,450ක් සොයා ගැනුණි.
අදාළ කොකේන් මත්ද්‍රව්‍ය තොගය රුපියල් කෝටි 20කට අධික අතර මත්පෙතිවල වටිනාකම රුපියල් කෝටි 2කට අධික බව පොලිසිය විසින් සඳහන් කරන ලදි.
ගොඩබිමදී සොයාගත් විශාලතම කොකේන් මත්ද්‍රව්‍ය තොගය එය බව පසුව පොලිසිය අනාවරණය කරන ලදි.
අනතුරුව නිවෙස්හිමි කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, ඇයගේ වැඩිමහල් පුත්‍රයා විසින් එම මත්ද්‍රව්‍ය තොගය විදෙස් රටකින් මෙරටට ආනයනය කර ඇති බවය.
ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් විමර්ශනවලදී අනාවරණවී තිබේ.
රාත්‍රී සමාජ ශාලා වෙත අලෙවි කිරීම සඳහා මොවුන් මෙම මත්ද්‍රව්‍ය තබාගෙන සිට ඇති බවද විමර්ශනවලදී අනාවරණ වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව ඊයේ (30) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර හිමිවිය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ අධීක්ෂණයෙන් එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මකය.

