ඊයේ (23) ඇඹිලිපිටිය, වීරසිංහපුර ප්රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබේ.
ඇඹිලිපිටිය, වීරසිංහපුර ප්රදේශයේ පදිංචිකරුවෙකු වූ වයස අවුරුදු 39ක පුද්ගලයකු මෙලෙස ඝාතනයට ලක් වී ඇත.
පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඇඹිලිපිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

