පෙරේදා (21) දෙවිනුවර සිංහාසන පාරේ සිදුවූ ද්විත්ව ඝාතනය සඳහා ආධාර අනුබල දුන්නැයි සැකකාරියක් ඇතුලු සැකකරුවන් 4ක් ගන්දර පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (22) දින අත්අඩංගුවට ගෙන ඇත.
දෙවිනුවර හා ගන්දර ප්‍රදේශවල පදිංචිකරුවන් වන වයස අවුරුදු 23 හා 46 අතර වයස් කාණ්ඩවල පසුවන සැකකාරියක් හා සැකකරුවන් 3 දෙනකු මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.
පෙරේදා රාත්‍රි සිදුවූ මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ 28 වියැති යොමේෂ් නදීෂාන් හා 29 වියැති පසිදු තාරක යන දෙවිනුවර සිංහාසන පාරේ පදිංචිව සිටි දෙදෙනෙකි.
මෙම ද්විත්ව ඝාතනය මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් දෙපිරිසක් අතර වූ ආරවුලක් හේතුවෙන් සිදුවී ඇති බව මෙතෙක් කරන ලද පොලිස් විමර්ශන වලින් අනාවරණය වී ඇත
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගන්දර පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.