ගංජා මිශ්රිත මදනමෝදක පැකට් 480ක් ළඟ තබා ගත්තැයි චෝදනා කරමින් නුගේගොඩ මහේස්ත්රාත් අධිකරණය වෙත පසුගිය (6) වනදා ඉදිරිපත් කරන ලද චූදිතයෙකු නිදහස් කරමින් නුගේගොඩ අතිරේක මහේස්ත්රාත් සංජය ලක්මාල් මෙන්ඩිස් විජේසිංහ මහතා පැවසුවේ මදනමෝදකය ආයූර්වේද ඖෂධයක් වන බැවින් ඒවා අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලයක් නොමැති බවයි.
චූදිතයා අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී. චූදිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කලණි කණ්ඩම්බි මෙනවිය විසින් මුලික විරෝධතාවක් ඉදිරිපත් කරමින් මදනමෝදක යනු, ආයූර්වේද පනතේ ප්රතිපාදන ප්රකාරව ආයුර්වේද ඖෂධ සංග්රහයේ දක්වා ඇති ඖෂධ වට්ටෝරුවකට අනුව සකස්කරන ලද ආයුර්වේද ඖෂධයක් වන හෙයින්ද ලියාපදිංචි ආයුර්වේද වෙළඳසැල් සම්බන්ධ නීතිය ක්රියාත්මක කළ හැක්කේ ආයුර්වේද කොමසාරිස් ජනරාල්වරයාට පමණක් වන බවට දැක්වූ කරුණු පිළිගත් අතිරේක මහේස්ත්රාත්වරයා චූදිතව නිදහස් කරන ලදී.
මෙසේ චෝදනාවට ලක්ව නිදහස් වූයේ මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මහරගම පිහිටි බ්රහ්ම ඔසුසලයෙහි සේවකයෙකි.


