දකුණු ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබී කිලෝග්‍රෑම් 150කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබේ.
අද (5) උදෑසන අදාළ ධීවර යාත්‍රාව නාවික හමුදාව විසින් දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එනු ලැබූ අතර, එහිදී උර 10ක තිබූ මත්ද්‍රව්‍ය පරීක්ෂාවට ලක්කෙරුණි.
එහිදී ධීවරයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.
ඒ අනුව අදාළ ධීවර යාත්‍රාවේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 132යි ග්‍රෑම් 026ක් සහ හෙරොයින් කිලෝ 57යි ග්‍රෑම් 220ක් සොයා ගෙන ඇති අතර, එහි වීථි වටිනාකම රු බිලියන 4.2ක් වන බවද නාවික හමුදාව සඳහන් කර ඇත.


