මීගොඩ ඕවිටිගම ප්රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග ගොස් තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල් ගත කිරීමට රැගෙන යන අතරතුරදී මියගොස් ඇතැයි මීගොඩ පොලීසිය පවසයි.
ඝාතනයට ලක් වූ පුද්ගලයා කුඩා වෙළෙදසැලක් සහ පවත්වාගෙන යන අයෙකු වන අතර සැකකරු පැරණි ආරවුලක් මත එම වෙළෙඳසැල ඉදිරිපිටින් කිහිපවරක් උස් හඩින් බැණවදිමින් ගොස් ඇති අතර එම අවස්ථාවේ දී මෙලෙස බහින්බස්වීම සිදුවී ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 50ක පමණ වයසැති ඕවිටිගම, මීගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් පරීක්ෂණ ආරම්භ කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.


