ඊයේ (27) අලුයම හොරොව්පොතාන, මැදවච්චිය හන්දිය ප්රදේශයේ නිවසක් තුළ කාන්තාවක් සැකකටයුතු ලෙස මියගොස් සිටින බවට හොරොව්පොතාන පොලිස් ස්ථානය වෙත ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබුණි.
එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 68ක් වූ මැදවච්චිය හන්දිය, හොරොව්පොතාන ප්රදේශයේ පදිංචිකාරියකි.
මරණකාරිය නිවස ඉදිරිපිට වෙළෙඳසැලක් පවත්වාගෙන ගොස් ඇති අතර ඇය නිවසේ තනිව පදිංචිව සිට ඇත.
මෙම කාන්තාව යම් අයෙකු විසින් ඝාතනය කර ඇති බව සිදුකළ මුලික විමර්ශනයෙදී අනාවරණය වි ඇත.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හොරොව්පොතාන පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.


