අද (27) අලුයම යාපනය මාදගල් , කුසුමන්තුරෙයි වෙරළ ප්‍රදේශයේ නාවික හමුදාව සිදුකළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 81ක් සහිත යාත්‍රාවක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
උතුරු නාවික විධානයට අයත් අංශ සහ ශ්‍රී ලංකා නාවික නෞකා අග්බෝ ආයතනයේ කාර්ය මණ්ඩලය විසින් සිදුකළ මෙම විශේෂ මෙහෙයුමේදී මෙම මත්ද්‍රව්‍ය සහිත යාත්‍රාව අත්අඩංගුවට ගෙන තිබූ අතර නාවික හමුදාව පැවසුවේ යාපනය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබුණේ එම යාත්‍රාවේ අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය ඇති බවය.
අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නාවික හමුදාව විසින් සිදු කරනු ලැබේ.


