අද (27) උදෑසන බද්දේගම, හල්පතොට ප්රදේශයේ නිවසකට මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තැබීමක් සිදුකර පලා ගොස් තිබේ.
එම වෙඩි තැබීමෙන් නිවසේ සිටි කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන ලදි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිස් කණ්ඩායම් දෙකක් යටතේ සිදු කරනු ලැබේ.


