සැප්තැම්බර් 14වනදා කොටහේන ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු සහ ඊට ආධාර අනුබල දුන් තවත් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය ද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
ලැබුණු තොරතුරුවලට අනුව ග්‍රැන්ඩ්පාස්, කොලොන්නාව සහ මට්ටක්කුලිය යන ප්‍රදේශවල සිදු කළ වැටලීම්වලදී මෙම පුද්ගලයින් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 28 මිලිග්‍රෑම් 600 ක් ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මට්ටක්කුලිය, කොළඹ 14 සහ කොලොන්නාව යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 19, 25 සහ 39 යන වියෙහි පසුවන පුද්ගලයින් තිදෙනෙකි.
අපරාධය සඳහා යොදාගත් මන්නා පිහියක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කොටහේන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.


