ඊයේ (10) දින රාත්රී කාලයේ මහියංගනය පොලිස් වසමේ අලුකැටියාව ප්රදේශයේ නිවසක් ඉදිරිපිට පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් මියගොස් සිටින බවට මහියංගනය පොලිස් ස්ථානය වෙත ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු වයස අවුරුදු 26ක් වූ අබේපුරල මාපාකඩවැව ප්රදේශයේ පදිංචිකරුවෙකි.
ඝාතනයට හේතුව හා මෙම ඝාතනය කවුරුන් විසින් සිදු කළේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැතග මෘත ශරීරය මහේස්ත්රාත් පරික්ෂණය සඳහා සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ ඇති අතර මහියංගනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.


