දෙහිවල, සිරිසඟබෝ මාවත ප්රදේශයේ නිවසකට බෝම්බ ප්රහාරය එල්ල කිරීම සඳහා යොදාගත් බවට සැකකෙරෙන ත්රිරෝද රථයක් ඉහළ බෝපේ ප්රදේශයේ දමාගොස් තිබියදී සොයාගෙන තිබේ.
දෙහිවල, සිරිසඟබෝ මාවත ප්රදේශයේ නිවසකට අද (11) අලුයම 3ට පමණ නාඳුනන පුද්ගලයෙකු විසින් අත්බෝම්බ ප්රහාරයක් එල්ල කර තිබුණි.
ඒ සඳහා සැකකරු ත්රිරෝද රථයකින් පැමිණෙන අයුරු ක්ක්ඔඪ කැමරාවක සටහන් වී ඇත.
පොලීසිය සඳහන් කළේ සැකකරු නිවසේ දොරට තට්ටු කර, නිවැසියන් එය විවෘත කිරීමෙන් අනතුරුව නිවස තුළට අත්බෝම්බයක් එල්ල කර ඇති බවය.
එහිදී නිවසේ නිදාසිටි 11 හැවිරිදි හා 17 හැවිරිදි දරුවන් දෙදෙනො බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබුණි.
ප්රහාරයෙන් 55 හැවිරිදි ඔවුන්ගේ පියාගේද පාදයකට තුවාල සිදුව ඇති බව වාර්තා වන අතර ඔහු සම්බන්ධයෙන් කිසිඳු අපරාධ චෝදනාවක් නොමැති බව පොලීසිය සඳහන් කරන ලදි.
සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානීය මහෙස්ත්රාත් පරීක්ෂණය අද උදෑසන සිදුකර තිබේ.
බෝම්බ ප්රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් මගින් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.


