ඊයේ (7) රාත්‍රියේ හෙරොයින් කිලෝග්‍රෑම් 2යි, ග්‍රෑම් 2ක් සන්තකයේ තබා ගෙන සිටි තරුණයෙකු කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ලක්සඳ සෙවණ සාලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 24 හැවිරිදි සැකකරු, ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ලක්සඳ සෙවණ සාලමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරින් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර තරුණයා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදු කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය ප්‍රකාශ කරන ලදී.


