බොරලැස්ගමුවේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සඳහා යොදාගත් යතුරුපැදිය මහරගම පොලීසිය විසින් සොයාගෙන තිබේ.
පන්නිපිටිය මහල්වරාව පිහිටි විහාරස්ථානයක් අසල වෙල්යායක දමා ගොස් තිබියදී පොලීසිය විසින් ඊයේ (05) මෙම යතුරුපැදිය සොයාගෙන ඇත.
මහරගම පොලීසියේ ප්රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපතිට ලද තොරතුරක් මත මෙම යතුරුපැදිය සොයා ගැනීමට පොලීසිය සමත්ව ඇත.
ඊයේ (04) රාත්රියේදී බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවත ප්රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරිණි.
74 හැවිරිදි වියේ පසුවූ එම පුද්ගලයා නිවසේ රැඳි සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට පොලීසිය අනාවරණය කරගනු ලැබීය.
වෙඩිතැබීමෙන් පසු වෙඩික්කරුවන් පලාගොස් ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බොරලැස්ගමුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.


