කොළඹ වරායේ කන්ටේනර්යක් තුළ තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව තිබේ.
ලද තොරතුරක් මත අධිකරණ නියෝගයක් ලබාගෙන මෙම වැටලීම සිදු කර ඇති අතර සැක සහිත කන්ටේනරය පරීක්ෂා කිරීමෙන් අනතුරුව එහි තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 463ක් සොයාගන්නා ලදී.
අදාළ බහාලුම තුළ ඇති තුවා තුළ සඟවා පාකිස්තානයේ සිට මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන විත් ඇති බවද මේ වන විට අනාවරණය වී තිබේ.
මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු සහ තවත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අතර පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකු සිටින බව පොලීසිය සඳහන් කරන ලදි.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.


