ඊයේ (28) රාත්රි කාලයේදී තංගල්ල මහගොඩ ප්රදේශයේදී පුද්ගලයකුට පොල්ලකින් පහරදී ඝාතනය කර තිබේ.
පොලිසිය සඳහන් කළේ පහරකෑමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා තංගල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවය.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 35ක් වූ මහගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු හා ඔහුගේ සහෝදරයෙකු සමග ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම පහරදීම සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
වයස අවුරුදු 28ක් වන සැකකරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර තංගල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.


