සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘බැකෝ සමන්‘ නැමැත්තාගේ මවට වෙඩි තැබීමට වෙඩික්කරුවන් පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදිය සොයාගෙන තිබේ.
ඒ, ඌරුබොක්ක මාතර මාර්ගයේ දම්පහල පොල්වත්ත ප්රදේශයේ බෝක්කුවක් අසලින් වූ තේ ඉඩමකට දමා ගොස් තිබියදීය.
ලද තොරතුරක් මත ඌරුබොක්ක පොලීසිය විසින් මෙම යතුරුපැදිය සොයාගෙන ඇති බව සඳහන්ය.
මිද්දෙණිය පොලිස් වසමේ උලහිටියාව ප්රදේශයේ නිවසකට පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ (12) පස්වරුවේ මෙම වෙඩි තැබීම සිදු කර පළා ගොස් තිබුණි.
ඉන් තුවාල ලැබූ ‘බැකෝ සමන්‘ නැමැත්තාගේ මව, මිද්දෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව පොලීසිය සඳහන් කරන ලදි.
වෙඩි තැබීමට පිස්තෝල වර්ගයේ ගිනි අවියක් යොදාගෙන ඇති බවට සැක කරන අතර ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණවී නැත.


