ඊයේ (11) හෝමාගම ප්‍රදේශයේදී විදෙස්ගතව සිටින ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ”ගගන” නැමැත්තා ගේ මෙරට මත්ද්‍රව්‍ය මෙහෙයවනු ලබන ප්‍රධාන ගෝලයා රුපියල් කෝටි ගණනක මත්ද්‍රව්‍ය හා මත්පෙති තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
හෝමාගම ප්‍රදේශයේ පදිංචි 44 වියෙහි පසුවන සැකකරු හෝමාගම පොලිස් බල ප්‍රදේශයට අයත් ”කැන්දලන්ද” ප්‍රදේශයේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී ඔහු සතුව තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02 මිලිග්‍රෑම් 59ක් සමඟ මත්පෙති 800 ක් නිලධාරීන් භාරයට ගෙන තිබේ.
මොහු කලක පටන් ”ගගන” ගේ ඍජු උපදෙස් මත ඉතා රහසිගතව මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ කර තිබේ.
විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් අංශ iii හි නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
අත්අඩංගුවට පත් සැකකරු හා මත්ද්‍රව්‍ය තොගය, වැඩිදුර විමර්ශන කටයුතු මෙන්ම අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා හෝමාගම පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.


