ඊයේ (08) දහවල් මැගසින් බන්ධනාගාරයේ සිටින රැඳවියන්ට මත්ද්‍රව්‍ය ලබා දීමට ගිය සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බේස්ලයින් පාර මැගසින් බන්ධනාගාරයේ පැති බැම්ම අසල සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් විසින් එම ස්ථානයේදී බන්ධනාගාරයට පාර්සල් 02ක් විසි කිරීමට උත්සාහ කර ඇති අතර එහිදී සැකකරුවන් දෙදෙනා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් සන්තකයේ තිබූ පාර්සල් 02ක පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 22 මිලිග්‍රෑම් 250ක්, ඈෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 02ක්, දුරකථන චාජර් 02ක් කරාබු යුගළ 02ක්, ලයිටර් 10ක් කුඩා ජංගම දුරකථන 02ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අවුරුදු 29 වයසේ පසුවන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලීසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (09) දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බොරැල්ල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.


