ඇල්ල වැල්ලවාය මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්රදේශයට අයත් තුනේ කණුව ප්රදේශයේ තිබී කද නොමැති මිනිස් හිසක් සොයාගෙන තිබේ.
මාර්ගය අසල කැලෑ ප්රදේශයේ තිබී මෙම මිනිස් හිස සොයාගෙන ඇති අතර එම හිස සම්බධයෙන් නිෂ්චිත තොරතුරක් මේ වන තෙක් අනාවරනය වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මේ වන විට විමර්ශන ආරමිභ කර ඇත.
විමර්ශන අතරතුරදී එම ස්ථානයට ආසන්න කන්ද ප්රදේශයේ මිනිස් සිරුරේ අනෙක් කොටසක් බවට සැක කෙරෙන කොටසක්ද ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
හමුවූ කොටස් එකම පුද්ගලයෙකුට අයත්ද, සිද්ධියට සම්බන්ධ පසුබිම කුමක්ද යන්න පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මේ වන විටත් සිදු කරමින් තිබේ.


