රත්මලාන කඳවල පාර ප්රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රත්මලාන ප්රදේශයේ පදිංචි අවුරුදු 57ක පුද්ගලයෙකි.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.


