මතුගම නෑබොඩ ප්රදේශයේ නිවසකට වෙඩි ප්රහාරයක් එල්ල වී තිබේ.
ඊයේ (11) පස්වරුවේ පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි වාර්තා වේ.
ඔ 56 ගිනි අවියක් භාවිත කර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කරන අතර මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණට වී නොමැත.
කෙසේ වෙතත් මින් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව පොලිස් පරීක්ෂණ ක්රියාත්මකයි.


