ඊයේ (13) උදෑසන දොම්පේ, පරන්ගොඩ ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 9යි ග්‍රෑම් 128ක් සමඟ 23 හැවිරිදි තරුණයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකා ගෝනහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.
එහිදී එම සැකකරු සන්තකයේ තිබූ පුද්ගල නාශක බිම්බෝම්බ 03ක්, එම ෆියුස් කොටස් 03ක්, ඵ16 ගිනිඅවි සඳහා භාවිතා කරන ජීව පතරොම් 20ක්, කඩු 05ක්, විද්‍යුත් තරාදියක්, යතුරුපැදියක් ද පොලිස් විශේෂ කාර්ය බළකා භාරයට ගෙන ඇත.


