ඊයේ (11) රාත්රියේ අම්බලන්තොට මාමඩල ප්රදේශයේදී ගිණි අවියකින් වෙඩි තබා පසුව තියුණු ආයුධයකින් ගෙල කපා පුද්ගලයෙකු ඝාතනය කර තවත් පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදුකර ඇතැයි අම්බලන්තොට පොලිසීයට ලද තොරතුරක් මත විමර්ශන ආරමිභ කර තිබේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පසුගිය වසරේ ජනවාරි 2වැනිදා අම්බලන්තොට ඇලේගොඩ බටහිර ප්රදේශයේ දී සිදුකරන ලද ත්රිත්ව ඝාතනයේ සැකකරුවෙකු ලෙස රක්ෂිත බන්ධනාගාර ගතව සිට පසුගිය මාර්තු 30 වනදා ඇප ලබා පැමිණි බව කියන වයස අවුරුදු 34ක් වන මාමඩල පදිංචි ලක්මාල් සදරුවන් නැමති පුද්ගලයෙකි.
තවද බරපතළ කැපුම් තුවාල ලද මරණකරුගේ බිරිදගේ පියා වන කරුනාචාරිගේ නිමල් නැමති පුද්ගලයකුද රෝහල් ගත කර ඇත.
අම්බලන්තොට ප්රදේශයේම පදිංචි පුද්ගලයන් තිදෙනෙකු නිවසට පැමිණ වෙඩි තැබිම සිදුකර පසුව ඔහුගේ හිසතියුණු ආයුධයකින් කදින් වෙන් වන සේ කපා හිසද රැගෙන ගොස් මාමඩල හනදියේ පිහිටි පිළිරුවක එල්ලා තිබියදී පොලිසිය විසින් අද (12) අළුයම සොයාගෙන තිබේ.
තවද ඝාතකයින් විසින් රැගෙන ආ මෙරට නිෂ්පාදිත ගිනි අවියක්ද එම ස්ථානයේ දමා ගොස් තිබියදී පොලීසිය විසින් සොයා ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.


