ඉකුත් 30 වනදා රාත්රියේ කොහුවල බෝධියත්ත ප්රදේශයේ නිවසක් ඉදිරිපිටදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු සිදුකළ වෙඩිතැබීමකින් 16 හැවිරිදි තරුණියකට තුවාල සිදුකිරීමේ අපරාධයට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොහුවල පොලිසිය හා මොරටුව පොලිස් විශේෂ කාර්ය බළකාය විමර්ශන ආරම්භ කර තිබූ අතර ඒ අනුව මොරටුව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (15) දෙමටගොඩ හා වැල්ලම්පිටිය පොලිස් වසම්වලදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන කොහුවල පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.
සැකකරුවන් අවුරුදු 27, 32 හා 35 යන වයස්වල පසුවන කොළඹ 09 හා කොළඹ 12 ප්රදේශවල පදිංචිකරුවන් ය.
සිද්ධිය සම්බන්ධයෙන් කොහුවල පොලිසිය හා මොරටුව පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් තවදුරටත් විමර්ශන සිදුකරනු ලැබේ.

