අද (04) දින පෑලියගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලින් අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පෑලියගොඩ ඉකිනිගහපිල්ලෑව ප්‍රදේශයේදී කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරු මත සිදුකල වැටලීම් 03කින් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර බව ඔවුන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 02කට අධික ප්‍රමාණයක් පොලිසිය විසින් සොයාගෙන ඇත.
ඔවුන් අවුරුදු 22, 24 හා 31 වයස්වල පසුවන කැලණිය හා කොළඹ 08 යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වේ.
මීට අමතරව කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 820ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකාරියක් වන 53 හැවිරිදි සැකකාරිය ග්‍රෑන්ඩ්පාස්, ෆර්ගියුෂන් පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

