ඊයේ (18) මීරිගම පොලිස් වසමේ රේන්දපොල ප්රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කර ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ 33 වන වියේ පසු වූ රේන්දපොල ප්රදේශයේ පදිංචිකාරියකි.
අදාළ ඝාතනයට ලක් වූ කාන්තාව සමග ඇති කරගත් පවුල් ආරවුලක් හේතුවෙන් ඇයගේ සැමියා විසින් මෙම ඝාතනය කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මෘත ශරීරය වතුපිටිවල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මීරිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

