මත්ද්‍රව්‍ය බහාලු බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවක් දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන විත් තිබේ.
අද (01) උදෑසන අදාළ ධීවර යාත්‍රාව දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ඒමෙන් පසු සිදුකළ පරීක්ෂණවලින් පසුව අදාළ ධීවර යාත්‍රාවේ තිබූ උර 298ක හෙරොයින් කිලෝ ග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් තිබූ බවට අනාවරණය වූ බව නාවික හමුදාපති, වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා පැවසීය.
නාවික හමුදාව සඳහන් කළේ, විදෙස් බුද්ධි තොරතුරක් මත බේරුවලට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ දී ශ්‍රී ලංකා නාවික හමුදා අවේක්ෂණ මෙහෙයුමකින් අදාළ යාත්‍රාවේ සිටි සැකකරුවන් 06 දෙනෙකු සමඟ යාත්‍රාව සිය භාරයට ගත් බවය.
මෙම ධීවර යාත්‍රාව ලාංකික බහුදින යාත්‍රාවක් බවත් එහි සිටි සැකකරුවන් 6දෙනා සහ සන්නිවේදන කටයුතු සඳහා භාවිත කළ සන්නිවේදන උපකරණය ද නීතියට ඉදිරිපත් කර ඇතැයි නාවික හමුදාපතිවරයා මෙහිදී පැවසීය.
අදාළ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 6,000ක් පමණ බවද නාවික හමුදාව විසින් සඳහන් කරන ලදි.

