ඊයේ (06) රාත්‍රියේ බොරැල්ල මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.
රාත්‍රී 10.20 ට පමණ බන්ධනාගාරයේ ‘E‘ වාට්ටුවේ රඳවා සිටි රැඳවියන් පිරිසක් එකවරම එම වාට්ටුවෙන් පිටතට පැමිණ කලහකාරී ලෙස හැසිරීමත් සමඟ මෙම නොසන්සුන්තාව ආරම්භ වී ඇත.
කෙසේ වෙතත්, තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය, පොලිස් කැරලි මර්දන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය (ීඔත්) වහාම එම ස්ථානයට කැඳවා ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබේ.
ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් රැඳවියන් 11 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් එලෙස රෝහල් ගත කර සිටි එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වාර්ථා වේ.
මේ වන විට එහි තත්ත්වය පාලනය කර ඇති අතර රැඳවියන් නම දෙනෙකු වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමටද පියවර ගෙන ඇත.
මෙම නොසන්සුන්කාරී තත්ත්වයට හේතුවී ඇත්තේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇතිවූ ගැටුමක් බව වාර්තා වේ.
මේ වන විට බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, ත්‍රිවිද හමුදාව යොදවා ඇති අතර ඊයේ ඇති වූ තත්ත්වය පාලනය කිරීම සඳහා ද එම නිලධාරීන්ගේ සහයෝගය ලබා ගෙන තිබේ.
එමෙන්ම මේ වන විට ඇති වූ තත්ත්වය සම්බන්ධව වැඩිදුර විමර්ශනද ආරම්භ කර ඇත.
මේ අතර මතුව ඇති තත්ත්වය හමුවේ බන්ධනාගාරයේ අමුත්තන් පෙන්වීම අද දින සිදු නොකිරීමටද තීරණය කර තිබේ.


