රුපියල් කෝටි 110කට අධික වටිනාකමින් යුත් ”කුෂ් ” සහ” හෑෂ් ” මත්ද්‍රව්‍ය තොගයක් සමග කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනුණු වීවරධාරීන් විසිදෙදෙනා මෙහෙයවූ බව පැවසෙන ප්‍රධාන චීවරධාරියා ගම්පහ මීගහමුල්ල ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පිරිස පසුගිය 22 වෙනිදා තායිලන්ත චාරිකාව සඳහා පිටත්වගොස් තිබූ අතර, එය සම්බන්ධීකරණය තිබුණේ ජඹුරලිය ප්‍රදේශයේ විහාරස්ථානයක චීවරධාරීන් තිදෙනෙකු විසිනි.
ඔවුන් සෙසු චීවරධාරීන් 19 දෙනා සම්බන්ධ කරගෙන ඇත්තේ ෆෙස්බුක් හරහාය.
පොලීසිය පැවසුවේ, පිරිස අතරින් 21 දෙනෙකුම වයස අවුරුදු 30ට අඩු චීවරධාරීන් වන අතර ඔවුන් මෙරට විවිධ ප්‍රදේශවල විහාරවාසීව සිටිමින් උසස් අධ්‍යාපනය හදාරන තරුණ චීවරධාරීන් බවය.
අනෙක් චීවරධාරියා පිරිවෙනක ආචාර්යවරයෙකු බව වාර්තා වේ.
අත්අඩංගුවටගත් චීවරධාරීන්ගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීම් වලදී ඔවුන් අනාවරණ කර ඇත්තේ මෙම සංචාරයේ ගුවන් ටිකට්පත් සහ කෑමබීම මෙන්ම නවාතැන් පහසුකම් නොමිලේ හිමිවූ බවය.
ඒ වෙනුවට අනුග්‍රාහකයින් විසින් ලබාදෙන, පාසල් සිසුන් සඳහා අවශ්‍ය උපකරණ ඇතුළත් ගමන් මලු මෙරටට රැගෙන එන ලෙස සම්බන්ධීකරණය කළ චීවරධාරීන් පැවසූ බවද ඔවුන් අනාවරණ කර තිබේ.
මේ අතර, තායිලන්ත සංචාරය සම්බන්ධීකරණය කළ චීවරධාරීන් තිදෙනා පසුගිය මාසයේදීත් චීවරධාරීන් 12 දෙනෙකු රැගෙන තායිලන්ත සංචාරයක නිරතව සිට ඇති අතර ලබන මාසයේ තවත් චීවරධාරීන් පිරිසක් සමග තායිලන්ත සංචාරයකට සැලසුම් කර තිබූ බවද පොලසිය සඳහන් කර තිබේ.
සැකකාර වීවරධාරීන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (26) පස්වරුවේ ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම විසිදෙදෙනාව දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුභානි අබේසේකර මහත්මිය නියෝග කර තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතාගේ මෙහෙයවීමෙන් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.
තවද ත්‍රෛනිකායික මහනාහිමිවරු ඊයේ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ මෙම ශාසන විරෝධී ක්‍රියාවට සම්බන්ධ සියලු භික්ෂු ප්‍රතිරූපකයින් සම්බන්ධයෙන් අදාළ නිකාය පාර්ශ්වයන් මගින් ඉදිරියේදී කරුණු සොයාබලා ශාසනයෙන් නෙරපීමට කටයුතු කරන බවය.


