අද උදෑසන (9) කළුතර, නාගොඩ ප්‍රදේශයේ අවන්හලක් තුළ වෙඩි තැබීමක් සිදුව තිබේ.
එම වෙඩි තැබීමෙන් අවන්හල් හිමිකරු ජීවිතක්ෂයට පත්ව ඇති අතර , ඔහුගේ බිරිඳ බරපතල තුවාල ලබා වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය ප්‍රකාශ කරන ලදි.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර මෙම ප්‍රහාරය සඳහා ටී-56 වර්ගයේ ගිනිඅවියක් භාවිතා කර ඇති බව මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කළුතර අපරාධ කොට්ඨාසය, කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය, අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරින් සහ කළුතර දකුණ පොලිස් ස්ථානය එක්ව සිදු කරනු ලැබේ.


