පෙරේදා (21) රාත්‍රියේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් දෙවුන්දර දේවාලය ආසන්න ප්‍රදේශයේ නිවසකට වෙඩි තැබීමක් සිදුකර පලාගොස් තිබේ.
ගන්දර පොලිස් වසමේ ඒදණ්ඩ පාර දෙවිනුවර පිහිටි ධීවර කටයුතුවල නිරත පුද්ගලයෙකුගේ නිවසකට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්ය.
වෙඩික්කරුවන් මෝටර් රථයකින් පැමිණ වෙඩිතබා පලා යන අයුරු CCTV කැමරාවකද සටහන්ව ඇත.
මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ, දෙවුන්දර දේවාලයේ පෙරහැර සම්බන්ධයෙන් අපරාධ කල්ලි නායකයින් දෙදෙනෙකු අතර ඇති වුණ මතගැටුමක් හේතුවෙන් බව පැවසේ.
ඒ අනුව පොලීසිය සැක කරන්නේ, මෙම වෙඩිතැබීම ”දෙහිබාලේ මල්ලි” නම් අපරාධකරුගේ පාර්ශ්වය විසින් මෙහෙයවා ඇති බවටය.
දෙවුන්දර දේවාලයේ පෙරහැරට සහභාගිවන කාවඩි නර්තන කණ්ඩායම් අඩුකිරීම සම්බන්ධයෙන් ඉකුත් 20 වැනිදා පුද්ගලයෙකු දෙවුන්දර දේවාලයේ බස්නායක නිළමේ වන තිලිණ මධුසංක මහතාට මරණ තර්ජන සිදුකර තිබේ.
ඒ කංජිපානි ඉම්රාන් විසින් භාවිත කරන KPI යන අන්වර්ථ නාමය භාවිත කරමිනි.
ඊට ප්‍රතිචාර දක්වමින් ”දෙහිබාලේ මල්ලි” නම් අපරාධකරු විසින් කංජිපානි ඉම්රාන්ට මරණ තර්ජනය කරන බව පැවසෙන හඬපටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.
ඉන් අනතුරුව ඔහු තවත් හඬපටයක් සමාජ මාධ්‍යවෙත නිකුත්කර ඇත.
එවන් පසුබිමක පෙරේදා (21) රාත්‍රියේ දෙවුන්දර දේවාලයේ සිට මීටර 200ක පමණ දුරින් පිහිටි නිවසකට මෝටර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවකු විසින් වෙඩිතබා ඇත අතර වෙඩිතැබීම අසල වූ ක්‍ක්‍ඔඪ කැමරාවක සටහන්ව ඇත.
එම වෙඩිතැබීමෙන් පසුව ද දෙහිබාලේ මල්ලි නම් අපරාධකරු බවට පවසමින “ඔය දුන්නේ ගමයි ආගමයි පාවාදීපු ගෝතයන්ට…අපේ දෙවුන්දර ගමේ ඉන්න…ගෝතයින්ට ඔය දුන්නේ රිහසල් එකක්…ආ ! ඊළඟ එක බලමු පස්සේ” යනුවෙන් පැවසෙන තවත් හඬපටයක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කෙරුණි.
මේ අතර මෙම වෙඩිතැබීම සිදුකර පලා ගිය මෝටර් රථය දික්වැල්ල ප්‍රදේශයේ දී සොයා ගෙන තිබේ.
ඊයේ (22) රාත්‍රියේ නව බෙලිඅත්ත මාර්ගයේ මෝටර් රථයක් නවතා තිබී ඇති අතර, එය පරීක්ෂාවට උත්සාහ කිරීමේ දී රියදුරු විසින් නොනවත්වා ධාවනය කර ඇත.
පසුව මෝටර් රථය කාණුවකට වැටී නැවතී ඇති අතර, එහිදී රියදුරු පලාගොස් ඇත.
පසුව සිදුකළ පරීක්ෂාවේ දී අදාළ මෝටර් රථය දෙවුන්දර වෙඩිතැබීමට පැමිණි මෝටර් රථය බවට පොලීසියට තහවුරු වී තිබේ.


