අද (12) උදෑසන 7.30ට පමණ ගාල්ල, දංගෙදර, ඩික්සන් හන්දිය ප්රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇත.
වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා ප්රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඉන් අනතුරුව එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය විසින් සඳහන් කර තිබේ.
වෙඩි ප්රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.


