ඊයේ (15) රාත්රියේ ගල්කිස්ස, හුළුදාගොඩ පාර ප්රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
වෙඩි ප්රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් තිබේ.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්රහාරය එල්ල කර පලාගොස් ඇති බවට පොලීසිය සැක කර ඇත.
මෙම ඝාතනය සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර පවතින පෞද්ගලික ආරවුලක ප්රතිඵලයක් ලෙස සිදුවන්නට ඇති බවට පොලීසිය සැකපළ කරනු ලැබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර ඇත.


