ඊයේ (03) දින රාත්රියේ අරලගංවිල, බිම්පොකුණ ප්රදේශයේ සිදු වූ පහරදීමක් හේතුවෙන් කාන්තාවක් අරලගංවිල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ අරලගංවිල, බිම්පොකුණ ප්රදේශයේම පදිංචි 29 හැවිරිදි කාන්තාවකි.
පවුල් ආරවුලක් දුරදිග ගොස් සැමියා පහරදීම හේතුවෙන් මෙම ඝාතනය සිදු වී ඇති බවට මෙතෙක් සිදුකරන ලද විමර්ශන වලින් අනතුරුව අනාවරණය වී ඇත.
සැකකාර සැමියා අත්අඩංගුවට ගැනීම සඳහා අරලගංවිල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.


