අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12යි ග්‍රෑම් 300ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 9යි ග්‍රෑම් 946ක්, යතුරුපැදියක්, කිරුම් උපකරණ සහ මුදල් ගණනය කිරීමේ යන්ත්‍රයක් ද සමඟ ගණේමුල්ල, බොල්ලන උතුර ප්‍රදේශයේ දී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
අත්අඩංගුවට ගත් සැකකරු 40 හැවිරිදි ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අදාළ මත්ද්‍රව්‍ය තොගය මේ වන විට විදෙස් ගතව දැනට අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ බවට සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කරන ලදි.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාශය වැඩිදුර විමර්ශන පවත්වනු ලැබේ.

