ඊයේ (7) හුංගම, රන්න, වාඩිගල ප්‍රදේශයේදී සිදුවූ ද්විත්ව ඝාතනයේදී වෙඩි තැබීමකුත් සිදුවී ඇති බව අනාවරණය වී ඇත. ඒ එම කාන්තාවගේ සිරුරේ තිබී ගල්කටස් වර්ගයේ ගිනි අවි සඳහා භාව්තා කරන උණ්ඩයක් සොයාගැනීමෙන් පසුවයි.
මෙම සිද්ධිය සඳහා ප්‍රධාන සැකකරුට අමතරව තවත් සැකකරුවන් හතරක් අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධය සඳහා යොදාගත් බව කියන ගල්කටස් වර්ගයේ ගිනිඅවියද අත්අඩංගුවට ගත් බව පොලිසිය විසින් සඳහන් කර ඇත.
ඝාතනයට ලක්වූපුද්ගලයා මියගිය කාන්තාව සමග රන්න ප්‍රදේශයේ සියමිතුරෙකුගේ නිවසේ රැඳී සිටි අතර මුහුණු ආවරණය කරගත් පස්දෙනෙකු නිවසට ඇතුළු වී මෙම ඝාතනය සිදු කර ඇත.
ඝාතනයට ලක්වූ 28 හැවිරිදි පසිඳු හේෂාන් හෙවත් බෝපසිඳු රන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර 26 හැවිරිදි එම කාන්තාව තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.
පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ අදුපැලෑනේ බිංදු විසින් බෝපසිඳු නැමැත්තාට වෙඩි තැබීමට යාමේදී අදාළ කාන්තාව ඒ අසළට පැමිණීම හේතුවෙන් ඇයට වෙඩි වැදී ඇතිබවයි.
ඝාතනයට ලක්වූ බෝ පසිඳු සහ ඝාතනය සිදුකළ ප්‍රධාන සැකකරු වන අදුපැලෑනේ බිංදු කලක් හොඳම මිතුරන් වී සිට ඇති අතර මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදුවූ ආරවුලක් සහ අනියම් සබඳතා නිසා මෙම ඝාතනය සිදුව ඇතිබව මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත.

