ඊයේ (30) රාත්රියේ දුරකථනයක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යාමකින් ඌරගස්මංහන්දිය ප්රදේශයේ පියකු විසින් සිය දියණිය තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තබේ.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 14ක් වූ ඌරගස්මංහන්දිය, දැල්කඩ ප්රදේශයේ පදිංචිකාරියක්ය.
මියගිය දැරිය හා පියා අතර ඇතිවූ මෙම ආරවුලේ දී පියා විසින් කැත්තකින් පහරදී තම ඝාතනය සිදුකර ඇති බව මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත.
තුවාල ලැබූ දියණිය ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
සැකකාර පිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, දැරියගේ මෘත ශරීරය ඇල්පිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ඌරගස්මංහන්දිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.

