ඊයේ (27) රාත්රියේ අම්බලන්ගොඩ ප්රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 28ක් වූ “ගලගොඩ පොඩි දිමුතු” නම් පුද්ගලයෙකි.
ගලගොඩ සුනාමිවත්ත ප්රදේශයේ පිහිටි නිවසක සාදයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇත.
නිවස අසල කැලෑබද ප්රදේශයක සිට පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය විසින් සඳහන් කරන ලදි.
“කරණ්දෙනිය සුද්දා” ගේ පාර්ශවය විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බවට සැක පල කරන අතර පොලීසිය පැවසුවේ වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් වෙඩි තැබීම සඳහා පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවට සැක කරන බවත්ය.

