2018.12.15 වන දින පොලිස් මත්ද්‍රව්‍ය දිසාව භාරව පූර්වගාමී නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා ප්රමුඛ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් එක්ව බේරුවල මුහුදු තීරයේ ගොඩබිම සිට කිලෝ මීටර 06ක් පමණ ගැඹුරු මුහුදේ සිදු කල වැටලීමකදී විදේශීය ධීවර යාත්‍රාවකින් ලබාගත් හෙරොයින් කිලෝ 231 ග්‍රෑම් 54 ක් ධීවර යාත්‍රාවකින් ගොඩබිමට රැගෙන එමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයේදී මෙම ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් 06 දෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
ඊයේ (16) දින කොළඹ ගරු මහාධිකරණයේ මේ සම්බන්ධව පැවති නඩු විභාගයේදී කොළඹ ගරු මහාධිකරණ අංක 01 විනිසුරුතුමා විසින් සැකකරුවන් තිදෙනෙකුට මරණ දඬුවම නියම කර ඇති බවට පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.