පසුගිය (01) දින ගල්කිස්ස හුලුදාගොඩ ප්‍රදේශයේ පාලු ඉඩමක තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර තිබීමේ සිද්ධියට අදාලව ගල්කිස්ස පොලීසිය සිදුකල විමර්ශන අනුව එම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙකු ඊයේ (04) අත්අඩංගුවට ගෙන ඇත.
ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් වන 31, 32 සහ 34 වයස් වල පසුවන සැකකරුවන් තිදෙනෙකු කොට්ටාව මාකුඹුර අධිවේගී මාර්ග බස් නැවතුම්පොල අසලදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන්ගෙන් සිදුකල වැඩිදුර ප්‍රශ්ණ කිරීම් වලින් පසු ඝාතනය සිදුකිරීමට යොදාගත් කඩු 02ක් සහ ජංගම දුරකථනයක් පොලිස් භාරයට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගල්කිස්ස පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.