හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 280ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු, මොරටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (04) දින අත්අඩංගුවට ගෙන ඇත.
කලුතර උතුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 31 වන වියේ පසුවන සැකකරු මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
මොහු කලුතර උතුර ප්‍රදේශයේ යතුරුපැදි සොරකමක්, පිංවත්ත සහ මොරොන්තුඩුව ප්‍රදේශවල සිදු වූ ගෙලබැඳි රන් මාල කොල්ලකෑමේ සිද්ධින් දෙකකටත් අවශ්‍ය කර සිටි සැකකරුවකු බවත්, මොහුට කලුතර ගරු මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු 3ක් සඳහා විවෘත වරෙන්තු සහ පානදුර ගරු මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත්ව ඇති බවත් පොලීසිය විසින් සිදුකල වැඩිදුර විමර්ශන වලින් අනාවරණය වී ඇත.
සැකකරුගෙන් අනාවරණය වූ තොරතුරු අනුව කොල්ලන ලද රන් මාල දෙක උකස් කර තිබියදී සහ සොරකම් කරන ලද යතුරුපැදිය පොලීසිය විසින් සොයාගෙන ඇති අතර එම රන් මාල දෙක උකස් තබන ලද සැකකාරියක්ද අත්අඩංගුවට ගෙන ඇත.
අඟුලාන ප්‍රදේශයේ පදිංචිකාරියක් වන 22 වන වියේ පසුවන සැකකාරිය අඟුලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මොරටුව පොලීසිය විසින් සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කරන ලදි.